
l රජිත ජාගොඩ ආරච්චි
ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත නව විදුලි බලාගාර ඉදිකිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම නිසා ප්‍රථමවරට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සෘජුව මැදිහත් වී නව විදුලි බලාගාර ඉදිකිරීමට තීරණය කර තිබේ.
දැනට අනුමැතිය ලැබී ඇති දිගුකාලීන ජනන සැලැස්මට ඇතුළත් තාප බලාගාර තුනක් මෙසේ කඩිනමින් ඉදිකිරීමට විදුලිබල අමාත්‍යංශය අපේක්ෂා කරන අතර ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ද හිමි වී ඇත.
නියමිත කාලය තුළදී මෙම බලාගාර ඉදිකිරීම මඟින් හදිසි අවශ්‍යතා මත පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීමේ වියදම් අධික ක්‍රමවේදය නවතාලිය හැකිවනු ඇත. එමඟින් ඉදිරි වසර දෙක තුළ රුපියල් කෝටි 5000ක මහජන මුදල් නාස්තියක් වළක්වා ගත හැකිවනු ඇතැයි ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.