
I සංජීවිකා සමරතුංග
රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් ජංගම සේවා පැවත්වීමට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතියකට කරන අධික වියදම පිළිබඳව ජනාධිපති කාර්යාලයට ලැබුණු පැමිණිලි මත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවෙයි.
රජයේ හවුල්කාර පක්ෂයක් නියෝජනය කරන මෙම අමාත්‍යවරයා පසුගිය කාලයේ මසකට වාර දෙකක් පමණ ජංගම සේවා ව්‍යාපෘති පවත්වා ඇත. මෙම එක ජංගම සේවාවකට රුපියල් මිලියන 8කට ආසන්න මුදලක් වැයකර ඇතැයි ලැබී තිබෙන පැමිණිලිවල සඳහන්ය. එහෙත් ඒවා සඳහා සැබැවින්ම වැයකර තිබෙන ඇස්තමේන්තුද තොරතුරු සහිතව පැමිණිලිකරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මෙම පැමිණිලි විමර්ශනය ගැන ඉව වැටී ඇති ඇමැතිවරයා සිය ජංගම සේවා ව්‍යාපෘතිය මසකට එකක් දක්වා අඩුකර ඇතැයිද කියැවේ. මෙකී ව්‍යාපෘතිය මෙහෙයවනා අදාළ ඇමැතිවරයා කාර්ය මණ්ඩලයේ නිලධාරිනියක් ගැනද පරීක්ෂණ ආරම්භ කර ඇත.