
I ගයාන් ගාල්ලගේ
පළාත් සභා, පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායකවරයාට ලබාදුන් විශ්වාසභංගයට සහාය දෙනවාද නැද්ද වග පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාකොට තීරණයක් ගන්නා බව මහා මාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා (දේශයට) පැවසීය.
පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්ව එම තීරණය ගතයුතු බවත් එහිදී එක්සත් ජාතික පක්ෂයේ මතය මෙම සතියේද ප්‍රකාශ කරන බවත් දේශය කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේය.