
I සංජීවිකා සමරතුංග
ලංකා විදුලිබල මණ්ඩලය වසර 2017දී පාඩු ලබා තිබෙන අතර වසර 2018දීත් මණ්ඩලය විශාල මූල්‍යමය අලාභයක් ලබන බව අය-වැය ලේඛනය මගින් පෙන්වාදී තිබේ.
එම වාර්තාව අනුව 2017 වසරේ විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් මිලියන 35,141කි. 2018 වසරේ ආර්ථික පුරෝකතනය අනුව ලබන පාඩුව රුපියල් මිලියන 16,507කි.
එහෙත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2017 වසරේ බදු ගෙවීමට පෙර රුපියල් මිලියන 14404ක ශුද්ධ ලාභයක් ලබන බවත් 2018 වසරේ රුපියල් මිලියන 2796ක ශුද්ධ ලාභයක් ලබන බවත් අය-වැය වාර්තාවල සඳහන්ය.
2017 වසරේ මෙන්ම 2018 වසරේ ද ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන බැරලයක මිල ඩොලර් 48.6ක මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් කියයි.