
I දේශපාලන වාර්තාකරු
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ට නිසි ලෙස සාකච්ඡාවකට ආරාධනා කළහොත් රාජ්‍ය නායකයා ලෙස ඔහුගේ ඉල්ලීම පිළිගෙන ඊට සහභාගි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශ කර ඇත.
තමන් ජනාධිපති ධුරය දැරූ සමයේද විපක්ෂයට එලෙස ආරාධනා කළ විට එම ඇරුයුම් පිළිගත් පරිද්දෙන්ම මේ ගැනද ක්‍රියාකරන බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ. එහෙත් ඉදිරි මැතිවරණ දෙපක්ෂය එක්ව තරග කිරීමක් සම්බන්ධව තමන් කිසිම සාකච්ඡාවකට එක් නොවන්නේ යැයිද ඔහු කියා ඇත.