2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

නව ඡන්ද පනතින් තරුණයන් හලයි

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 198

I ගයාන් ගාල්ලගේ

මැතිවරණ කොමිසම සහ සිවිල් සංවිධාන අතර පසුගිය කාලය පුරාම කතාබහට ලක්වූ මැතිවරණ වලදී 25%ක තරුණ නියෝජනයක් අනිවාර්යෙන් ලබාදීම නව මැතිවරණ පනත මගින් ඉවත් කොට ඇත.

අගෝස්තු 24 වැනිදා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙක් 25%ක තරුණ නියෝජනය අනිවාර්ය කර තිබුණත් දහවල් පැවති පක්ෂනායක රැස්වීමේදී පක්ෂ කිහිපයක් විසින් එය ඉවත් කළ යුතු බවට යෝජනා කර ඇත. එහෙත් ඒකාබද්ධ විපක්ෂය එයට විරුද්ධ වී ඇතත් පනත සම්මත වනවිට (අනිවාර්ය) කියන වචනය ඉවත් කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ කැෆේ සංවිධානයේ ප්‍රධානි කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ මේ හරහා පක්ෂ වලට ඇති තරුණ ආකර්ෂණය අහිමිවන බවයි. ඒකාබද්ධ විපක්ෂය පමණක් එයට සටන් කළ බවත් අනෙකුත් පක්ෂ ඊට විරුද්ධ වූ බවත් හෙතෙම පැවසීය. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වීම පුදුමයට කරුණක් බවත් තෙන්නකෝන් මහතා කීය.

කෙසේ වෙතත් පසුගියදා පක්ෂ කිහිපයක් හමුවු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද පවසා ඇත්තේ මෙය තරුණ ප්‍රජාවට කළ හානියක් බවය.