2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

හම්බන්තොටට එන්න නම් චීනයෙන් දැඩි කොන්දේසි

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

I ව්‍යාපාරික වාර්තාකරු

චීන ආයෝජකයන් හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු භාරගැනීමට නම් ඊට පෙර ශ්‍රී ලංකා රජය එම ව්‍යාපාරයට වසර 26ක කාලයක් සඳහා බදු නිදහස ප්‍රදානය කරන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

මෙම බදු නිදහස් කිරීම්වලදී එම ව්‍යාපෘතියේ සේවය සඳහා එන චීන ජාතිකයන් 30 දෙනකු වෙනුවෙන් වසර 7ක කාලයක් වැටුප් ගෙවීමේදී අයකරන උපයන විට ගෙවීම් බද්දෙන්ද එම සේවකයන් නිදහස් කළ යුතු යැයි මෙම ඉල්ලීමේ සඳහන්ය.

මේ හැර ආර්ථික සේවා ගාස්තුව - වැට් බද්ද ගුවන් තොටුපොළ හා ගුවන් සේවා බද්ද ණය ලබාගැනීමේදී ඒ මත පැනවෙන බදු ආදියෙන් හම්බන්තොට වරාය ව්‍යාපෘතිය නිදහස් කළ යුතු යැයිද චීනය ඉල්ලා තිබේ.

මෙම බදු නිදහස ප්‍රදානය කිරීම සඳහා පසුගිය කාලයේ සම්මත කළ ක්‍රමෝපාය සංවර්ධන පනත අනුව ක්‍රියාකළ යුතු යැයි ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.