2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

මහ ලේකම්ලා පක්ෂය අවුල් කරනවා - ඇමැති ජෝන් සෙනෙවිරත්න

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 430

ගයාන් ගාල්ලගේ |

සන්ධානයේ හා ශ්‍රීලනිපයේ මහ ලේකම්වරු දෙදෙනාගේ ප්‍රකාශ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ අවුල් ඇති වී තිබෙන බව කම්කරු සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා දේශයට පැවසීය.

ඒ අය තම ප්‍රකාශ වලින් ජනාධිපතිවරයා ද නොමඟ හරිමින් සිටින බවකී අමාත්‍යවරයා පක්ෂයේ සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයන්ට පරස්පර අදහස් ඉදිරිපත් කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ නිසා ඔවුන් අදහස් ඉදිරිපත් කිරීමේ දී මීට වඩා වගකීම්සහගත ලෙස පරිණතව අදහස් ඉදිරිපත් කළ යුතු බවත් පක්ෂය එකතු කිරීම ඔවුන් සතු වගකීමක් බවත් හෙතෙම කීය.