
I ජේ.ඒ.එල්. ජයසිංහ
මනාලියකගේ සාරිපොට අල්ලාගෙන සිටීමට කුඩා පාසල් දැරියන් යෙදවීම සම්බන්ධ සිද්ධිය මහත් අර්බුදකාරී තත්ත්වයකට පත්වීමත් සමඟ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය සහ පළාත් ප්‍රධාන අමාත්‍ය
සරත් ඒකනායක මහතා අතර බරපතළ අර්බුදයක් හටගෙන තිබේ.
මෙහි අලුත්ම තත්ත්වය වන්නේ පළාත් ආණ්ඩුකාරවරිය සහභාගි වූ මධ්‍යම පළාත් සභා අමාත්‍යංශ හා ආයතනයන්හි විශේෂ නිල උත්සවවලට ඇරයුම් ලැබී ඇතත් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඒවා වර්ජනය කිරීමය.
උත්සවය සංවිධානය කළ පළාත් රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ සම්බන්ධව කළ විමසීම්වලදී පැවසුවේ ප්‍රධාන අමාත්‍යවරයාට උත්සව සඳහා සහභාගි වීමට නිල ඇරයුම්පත් යවා දැනුම් දී ඇති බවයි.
මෙම අර්බුදයට පැටලී සිටින මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සහ ආණ්ඩුකාරවරිය සමීපතම ඥාතීහු වෙති.