
- කිරිඇල්ල
ගයාන් ගාල්ලගේ |
සයිටම් සම්බන්ධයෙන් විභාග වන නඩුව අවසාන වනතෙක් රජයේ ස්ථාවරය ප්‍රකාශ නොකරන බව මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (දේශයට) පැවසීය.
එම නඩුව එළඹෙන 11,12,14 යන දිනයන්හිදී විභාග වන බවත් එතෙක් ස්ථාවරය ප්‍රකාශ කිරීමට රජයට සදාචාර අයිතියක් නැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වෛද්‍ය සංගමය දිගින් දිගටම රජයේ ස්ථාවරය ප්‍රකාශ කරන ලෙස කීවත් අධිකරණයේ නඩුවක් විභාග වන විට ප්‍රකාශ නිකුත් කළ නොහැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.