
සංජීවිකා සමරතුංග |
- හිටපු ජනපති මහින්ද
තමන් හා ජනාධිපතිවරයා අතර කිසිදු දේශපාලන සාකච්ඡාවක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ රාජපක්ෂ මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මැතිවරණ තරග කිරීමට එකඟතාවක් ඇතිකර ගැනීමට රහසිගත සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි යන ප්‍රචාරය සත්‍යක්දැයි ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් ගිය බදාදා ප්‍රශ්න කළ අවස්ථාවේදීය.
තමන් මේ අය සමඟ මැතිවරණ තරග කොට ලබා ඇති අත්දැකීම් නිසා ජනාධිපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයන් සමඟ ඒ ගැන සාකච්ඡාවකට කිසිදු අදහසක් නැතැයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.