2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

ලංවිම ලයිට් දෙන්න පරණ මැෂින් සොයයි

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

දේශපාලන වාර්තාකරු |

ඉදිරි කාලයේ ඇතිවිය හැකි විදුලිය හිඟයට පිළියමක් ලෙස යැයි කියමින් පෞද්ගලික අංශයට අයත් පැරණි විදුලිබලාගාර දෙකක් ඉහළ මිලකට මිලදී ගැනීමට විදුලි බල මණ්ඩල බලධරයන් සැරසෙන බව එහි වෘත්තීය සංගම් පවසයි.

මාතර සහ ඇඹිලිපිටියේ පිහිටුවා ඇති දස වසරකට වඩා පැරණි මෙම බලාගාර දෙකින් විදුලිය මෙගවොට් 120ක් පමණ නිෂ්පාදනය කැරිණි. පසුගිය කාලය පුරාම විදුලි හිඟ අවස්ථාවලදී විදුලිබල මණ්ඩලය එම බලාගාරවලින් විදුලිය මිලට ගත්තේය.

මේ ආකාරයට පැරණි බලාගාර මිලදී ගැනීම නිෂ්ඵල කටයුත්තක් බව වෘත්තීය සංගම් විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික විශේෂඥයන්ට පෙන්වා දී ඇතත් අමාත්‍යංශයේ වුවමනාව මත මෙම බලාගාර මිලදී ගැනීම පිණිස තාක්ෂණ අගැයුම් කමිටුවක්ද පත්කර ඇත. මේ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක්ද ප්‍රශ්න මතුකර ඇතැයි එහි වෘත්තීය සංගම් ප්‍රකාශ කරයි.