
සංජීවිකා සමරතුංග |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය මගින් පළාත් සභා ඡන්ද කල් දමා තවත් වසර දෙකකින් පමණ එම ඡන්ද එකම දිනයකදී පැවැත්වීමට මුල සිට විරුද්ධව සිටි දෙමළ සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය එම විරෝධය ඉවත් කරගෙන තිබේ.
එම පක්ෂ නායකයන් දෙදෙනා වන ආර්. සම්පන්දන් හා රවුෆ් හකීම් යන මහත්වරැන් සිය තීරණය රජයට දැනටමත් දන්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. එහෙත් ඔවුන් සිය මතය පළකරන්නේ මැතිවරණ ක්රමයේ (මනාප ඡන්ද ක්‍රමය) සංශෝධනය කොට වඩාත් සාධාරණ ඡන්ද ක්‍රමයක් යටතේ මැතිවරණ පැවැත්විය යුතු බවට පූර්ව කොන්දේසියක් පනවමිනි.