
ගයාන් ගාල්ලගේ |
- දිනේෂ් ගුණවර්ධන
පොදුජන පෙරමුණ පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ සහ පළාත් සභා මන්ත්‍රීනි සමන්මලී සකලසූරිය මහත්මියගේ නම් 2017 ඡන්ද නාමලේඛනයේ නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ඔවුන් දෙදෙනාම නිසි වෙලාවට ඡන්ද නාමලේඛන ලැයිස්තු පුරවා බාරදී ඇතත් ඔවුන්ගේ නම් අන්තර්ජාලයෙන් පරික්ෂා කරන විට එය හෙළි වූ බව හෙතෙම කීය.
කෙසේ වෙතත් ඔවුන්ගේ පමණක් නොව කොළඹ දිස්ත්‍රික්කයේ ලක්ෂයකට ආසන්න පිරිසගේ නම් මෙවර ලැයිස්තුවේ නොමැති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කර සිටියේ ඡන්ද නාමලේඛන පත්‍රිකා නිසි දිනට ලබානොදීම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇති බවය. එහෙත් යලිත් වරක් පුරවා ලබාදීමට ලබන සැප්තැම්බර් 06 වැනිදා තෙක් කාලය දීර්ඝ කර ඇති බව හෙතෙම සඳහන් කළේය.