2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

ශ්‍රීලනිපය එකතු කරන අලුත් සන්ධානයක්

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49


ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වීමට සූදානම් වන ශ්‍රීලනිප මන්ත්‍රීවරු විසින් අලුත් සන්ධානයක් ගොඩනැගීමට තීරණය කර ඇති බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෙක් දේශයට පැවසීය.

 

එසේ ඉවත්ව ගොඩ නගන සන්ධානයට ශ්‍රීලනිපයත් ඒකාබද්ධ විපක්ෂයත්, පොදු ජන පක්ෂයත් එකම තැනකට ගෙන එන බව හෙතෙම සඳහන් කළේය. 

එසේ ගොඩනගන සන්ධානයෙන් ඉදිරි පළාත් සභා, පළාත් පාලන සහ මහ මැතිවරණ සඳහා තරග කරන බව එම සාමාජිකයා කීය. එබැවින්ම මෙය බෙදී වෙන්ව ගිය ශ්‍රීලනිපය එකතු කරන පාලමක් බවද ඔහු සඳහන් කළේය. 

| ගයාන් ගාල්ලගේ