2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

බස්නාහිර අධ්‍යාපන අැමැතිට විශ්වාසභංගයක්

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ප්‍රමුඛ මන්ත්‍රී පිරිසක් සැරසෙන බව දේශයට වාර්තා වෙයි.

වගකීම් විරහිතව ක්‍රියාකිරීම, අකාර්යක්ෂමතාව, දූෂණ චෝදනා ඇතුළු කාරණා ගණනාවක් පදනම් කරගෙන මෙම විශ්වාසභංගය සකස් කළ බව බස්නාහිර පළාත් සභා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. දැනටමත් මෙම යෝජනාවට පළාත් සභා මන්ත්‍රීන් 15 දෙනකු පමණ අත්සන් කර ඇතැයි කී ප්‍රකාශකයා විශ්වාසභංගය ඉදිරිපත් කොට තවත් සති කිහිපයකින් ඉදිරිපත් කෙරෙන පළාත් අය-වැයේදී අධ්‍යාපන අමාත්‍යංශ වැය ශීර්ෂය පරාජය කිරීමේ සැලසුමක් ඇතැයිද වැඩිදුරටත් කීය.

සංජීවිකා සමරතුංග |