
රුපියල් කෝටි 1200ක (බිලියන 12 පමණ) මූල්‍ය වංචාවක් සම්බන්ධව චෝදනා ලබා ඇති පෞද්ගලික මූල්‍ය සමාගමක හිමිකරුවන් ඒ ගැන පරීක්ෂණ සිදුකරන මහ බැංකු නිලධාරීන්ට තර්ජනය කළ බව මහ බැංකුව නිල වශයෙන් රජයේ ආර්ථික කළමනාකරණ කමිටුවට පැමිණිලිකර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සතියේ රැස්වූ රජයේ ආර්ථික කළමනාකරණ කමිටුව හමුවේ කරුණු දැක්වූ මහ බැංකු බලධරයන්ගේ පැමිණිල්ලට සවන් දුන් කමිටුව මෙසේ මහ බැංකු නිලධාරීන්ට තර්ජනය කරන මූල්‍ය සමාගම් හිමිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියම කිරීමට තීන්දු කළේය.
ව්‍යාපාරික වාර්තාකරු |