
සැප්තැම්බරයෙන් අවසන් වීමට නියමිත පළාත් සභා තුනක් ඇතුළුව සියලු පළාත් සභාවල මැතිවරණය ලබන වසරේදී එකට පැවැත්වීමට එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා පක්ෂ නායකයන් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශයට වාර්තා වේ.
එහෙත් සැප්තැම්බරයේ අවසන් වන පළාත් සභා තුනෙහි මැතිවරණ දෙසැම්බරය මුලදී පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ එම පළාත් සභා තුනෙහි මැතිවරණය කල් තබන්නේ නම් ව්‍යවස්ථාවේ වෙනස්කම් රැසකට යා යුතු බවත් දැනට තිබෙන නීතිමය රාමුව තුළ එවැනි කල්දැමීමක් සිදුනොකළ හැකි බවත්ය.
කෙසේ වෙතත් ජනාධිපතිවරණය සහ ජනමත විචාරණය හැර අනෙකුත් මැතිවරණ සම්බන්ධයෙන් තීරණය ගැනීමේ අයිතිය ඇත්තේ මැතිවරණ කොමිසමට බවත් එම නිලධාරියා පැවසීය.
I ගයාන් ගාල්ලගේ