2017 ජුලි 08 වන සෙනසුරාදා

උමා ඔයේ සිමෙන්ති බාලයි!

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 263


උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා භාවිත කළ සිමෙන්ති ප්‍රමිතියෙන් බාල බවට ඒ ගැන විමර්ශනයට පත්කළ විශේෂ අමාත්‍ය කමිටුවට වාර්තා වී ඇතැයි එම කමිටුවේ සාමාජිකයෙක් සඳහන් කළේය.

මෙම ව්‍යාපාතිය ආරම්භ කොට දැනට වසර 6ක් පමණ ගතවී තිබේ. ඒ සඳහා ණය ආධාර සපයන්නේ ඉරාන රජයයි. නිසි ප්‍රමිතියෙන් යුතුව ව්‍යාපෘතිය ඉදි නොවීම නිසා දැන් එහි විශාල ජල කාන්දුවක් හටගෙන තිබේ. එසේම ප්‍රදේශයේ මහ පොළොව ගිලා බැසීම නිසා නිවාස 800කට වැඩි ගණනක් අනතුරුදායක තත්ත්වයට පත්ව ඇත. පවත්නා අර්බුදකාරී තත්ත්වය නිසා බණ්ඩාරවෙල අවට ජනතාව පසුගියදා උද්ඝෝෂණය කරමින් වහා මෙම ප්‍රශ්නයට මැදිහත් වන්නැයි රජයට බලකර සිටියහ.

I සංජීවිකා සමරතුංග