2025 අගෝස්තු 30 වන සෙනසුරාදා

රස පරීක්ෂක ළඟ නඩු භාණ්ඩ 29,000ක් ගොඩගැසිලා!

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 42

දේශපාලන වාර්තාකරු I

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ සඳහා විවිධ අධිකරණවලින් ඉදිරිපත් වූ නඩු භාණ්ඩ 29,432 ක් ගොඩගැසී ඇතැයි අධිකරණ අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. මෙම නඩු භාණ්ඩවලින් 17,248 ක් විවිධ මත්ද්‍රව්‍ය නඩුවලට අදාළ නඩු භාණ්ඩය. සාමාන්‍යයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත දිනකට නඩු භාණ්ඩ 250 ක් පමණ විමර්ශනය සඳහා ඉදිරිපත් කෙරේ. එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හිඟයක් පවත්නා බැවින් අදාළ විමර්ශන කටයුතු පමාවෙමින් පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.