2025 අගෝස්තු 16 වන සෙනසුරාදා

දේශබන්දුට තීරණාත්මක නඩු තීන්දුව 20දා

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 178

අධිකරණ වාර්තාකරු I

2022 පැවති අරගලය සමයේ අරලියගහ මැදුර ආසන්නයේ රැඳී සිටිමින් සාමකාමීව උද්ඝෝෂණ දියත් කළ තැනැත්තන්ට පහරදීම සහ ඔවුන්ගේ දේපළවලට ගින්නෙන් හානි කිරීම ඇතුළු ප්‍රහාර වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු පොලිස්පති (එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති) දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයැදුම්පත සම්බන්ධ නඩු තීන්දුව අගෝස්තු 20 දින ප්‍රකාශ කිරීමට නියමිතය.