
ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා පසුගිය සිකුරාදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය. සිකුරාදා සවස 3.00ට තමන්ගේ කාර්ය මණ්ඩලයට විශේෂ රැස්වීමක් තැබූ ලේකම්වරයා තමන් අද සිට ධුරයෙන් ඉවත්වන බව ප්රකාශ කළේය.
මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් දිවුරැම් දුන් දා සිට වසර දෙකහමාරකට වැඩි කාලයක් ඔහු ලේකම් පදවිය දැරීය.
අභිනව ජනාධිපති ලේකම්වරයකු මෙතෙක් පත්කර නැතත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්රනාන්දු මහතා අභිනව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කරනු ඇතැයි දැනගන්නට තිබේ.
I දේශපාලන වාර්තාකරු