2025 ජුලි 26 වන සෙනසුරාදා

කළු සල්ලි ජාවාරමෙන් ලංකාව 80 වැනි තැනට

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 84

ව්‍යාපාරික වාර්තාකරු I

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කළු සල්ලි සුදු කරන රටවල් සම්බන්ධයෙන් කරන ලද ශ්‍රේණිගත කිරීමේදී ලංකාව 80 වැනි ස්ථානයට පත්ව ඇතැයි ⁣ වාර්තා වෙයි. 

මෙම ශ්‍රේණිගත කිරීමට ලෝකයේ රටවල් 164 ක් යොදාගෙන ඇත. එම ශ්‍රේණිගත කිරීමෙන් අනතුරුව නිකුත් කළ මූල්‍ය අරමුදලේ නවතම වාර්තාව අනුව ලෝක ආර්ථිකයේ සංසරණය වන මුදල්වලින් 2% ත් 5% ත් අතර මුදලක් කළු සල්ලි බවද සඳහන්ය.

එසේම කළු සල්ලි ජාවාරම සම්බන්ධව ඉහළම අවදානම ඇති රට ලෙස වාර්තා වන්නේ හයිටි දේශයයි. එහි අවදානම් ශ්‍රේණිය 8.25% කි. අඩුම අවදානම ලෙස ඇති රට ලෙස වාර්තා වන්නේ අයිස්ලන්තයයි.

එහි අවදානම් ශ්‍රේණිය 1.17% කි. මෙම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට හිමිවී ඇති අවදානම් ශ්‍රේණිය 5.28% කි.
ශ්‍රේණිගත කිරීමට අදාළ නවතම දත්ත පසුගිය දා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ද ඉදිරිපත් කළේය.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01