2017 ජුලි 01 වන සෙනසුරාදා

ශ්‍රීලංකන් සමාගමට තවත් සල්ලි පොම්ප කරයි

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 157


ආර්ථික වශයෙන් දැනට බරපතළ අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රීලංකන් එයාර් ගුවන් සේවය පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය බැංකුවලින් ණය මුදලක් ලෙස රුපියල් කෝටි 2800ක් (බිලියන 28) සැපයීමට පසුගියදා අමාත්‍ය මණ්ඩලය තීන්දු කළේය.

දිගුකාලීන ණය මුදලක් ලෙස සැපයීමට යෝජිත මෙම ණය සැපයුම්කරුවන් අතර මහජන බැංකුව ප්‍රමුඛ රාජ්‍ය බැංකු ගණනාවක් වෙතැයි වාර්තා වෙයි. පැරුණි ණය මුදල් පියවීම හා ගුවන් යානා මිලදී ගැනීම සඳහා පසුගිය රජය අත්සන් කළ ඇතැම් අවලංගු කිරීමේ ගාස්තු ලෙස අතිවිශාල මුදලක් ගෙවීමට ඇති බැවින් මෙම මුදල් ඒ සඳහා උපයෝගී කරගැනීමට රජය ශ්‍රීලංකන් එයාර් ආයතනයට උපදෙස් දී තිබේ.

| දේශපාලන වාර්තාකරු