
පළාත් පාලන මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට ඇති හැකියාව ගැන එ.ජා.ප.ය හා නැවත සාකච්ඡා කරන බව ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට පැවසීය.
දැනට වසර දෙකක් පමණ කල්දමා තිබෙන පළාත් පාලන මැතිවරණ තවදුරටත් කල්යාමෙන් පළාත් පාලන යාන්ත්‍රණය කඩාවැටීමට ලක්වීමත් මැතිවරණය වහා පවත්වන ලෙස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉදිරිපත් වන අදහස් සලකා බලා මෙම ඉල්ලීම සිදුකරන බව අදාළ අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
දෙපක්ෂය අතර එකඟතාව ඇති වුවහොත් ලබන සැප්තැම්බරයේ බොහෝ විට මැතිවරණය පැවැත්වෙනු ඇතැයි හෙතෙම පැවසීය.
I දේශපාලන වාර්තාකරු