2017 ජුලි 01 වන සෙනසුරාදා

ඉන්දීය සපත්තු කම්හලට විරෝධය

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78


ඉන්දියාවේ පිහිටි දැවැන්ත පාවහන් කම්හලකට ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ සඳහා පාවහන් නිෂ්පාදනය කිරීමට ආයෝජන මණ්ඩල පහසුකම් සහිතව අවසර දීමෙන් මෙරට සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයට මරු පහරක් වදින බව ශ්‍රී ලංකා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති පී.ජී.ඩී. නිමලසිරි මහතා දේශයට පැවසීය.

ශ්‍රී ලාංකිකයන් 40,000ක් පමණ ඍජු හා වක්‍ර රැකියා කරනා විවිධ පරිමාණයේ සම්භාණ්ඩ කම්හල් 1250ක් පමණ රටපුරා ක්‍රියාත්මක බව පවසන සභාපතිවරයා වසරකට දේශීය නිෂ්පාදනයේ වත්කම රුපියල් කෝටි 4,000ක් පමණ වන බවද සඳහන් කරයි.

මෙබඳු විදේශීය පාවහන් කම්හලකට සිය නිෂ්පාදන මේ රට තුළ අලෙවියට ඉඩ සැලසුවහොත් එයත් දේශීය නිෂ්පාදකයා විනාශයට පත්වන බව පැවසේ. මෙම කම්හලේ නිපදවන පාවහන් දේශීය වෙළෙඳපොළේ අලෙවිය තහනම් කරන ලෙස සභාපතිවරයා ජනාධිපතිවරයාගෙන්ද ලිඛිත ඉල්ලීමක් කළ බව පැවසීය.

| සංජීවිකා සමරතුංග