ඉහළ පෙළේ දේශපාලනඥයන්, හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විවිධ චෝදනා එල්ල වූ තැනැත්තන්ට අදාළ ලිපිගොනු 488 ක විමර්ශන අල්ලස් කොමිසම විසින් ආරම්භ කර ඇතැයි දේශයට වාර්තා වේ.මෙම පැමිණිලි ජනාධිපති කාර්යාලය, විවිධ අමාත්‍යාංශ සහ අල්ලස් කොමිසම වෙත ඍජුව ලැබුණු ඒවා බව දැනගන්නට තිබේ.
ඒවායින් සමහරක් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ද ලබා ගැනීමට නියමිතව ඇතැයි සඳහන්ය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම විමර්ශන සඳහා අනුයුක්ත කර ඇති බවද වැඩිදුරටත් දැක්වේ.