
විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කොට විධායක අගමැති ධුරයක් සඳහා යා යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එකඟතාවයකට පැමිණ ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් දේශයට පැවසීය.
එසේම එක්සත් ජාතික පක්ෂය මගින් එම යෝජනාවට සමගාමීව නියෝජ්‍ය අගමැති තනතුරක්ද යෝජනා කර ඇත.
විධායක අගමැතිධුරය නව ව්‍යවස්ථාවට පෙර වහාම සිදුකළ යුතු බවත් මෙහිදී තීරණය වී තිබේ.
කෙසේ වෙතත් එම යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණු, දෙමළ ජාතික සන්ධානය ආදී සුළු පක්ෂ සමඟ සාකච්ඡා කොට අවසන් නිගමනයකට පැමිණීමට ප්‍රධාන පක්ෂ දෙක තීරණය කර ඇත.
විධායක ජනාධිපති ක්‍රමය හැකි ඉක්මනින් අහෝසි කිරීමේ යෝජනාවට ජනාධිපතිවරයාගේද අවධානය යොමුවී ඇති බව සඳහන් වේ.
I ගයාන් ගාල්ලගේ