දේශපාලන වාර්තාකරු I
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියෙර් ස්ටාමර් විසින් හඳුන්වා දීමට යන නව වීසා නීතිය අනුව ශ්‍රී ලාංකිකයන් ඇතුළු ආසියාතික රටවල වැසියන්ට බ්‍රිතාන්‍ය වීසා ලබා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) වාර්තා කළේය.
ශිෂ්‍ය වීසා, රැකියා වීසා සහ පූර්ණ කාලීන පදිංචියට අවශ්‍ය කරන වීසා ලබා ගැනීම දැඩි ලෙස පාලනයට ලක් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ නව වීසා නීතිය තදින්ම බලපාන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.
තාවකාලික රැකියා සඳහා පිටත්ව ගොස් වසර පහක් එරට රැඳී සිටි තැනැත්තන්ට පූර්ණ කාලීන වීසා සඳහා අයැදුම් කිරීමේ වරම මෙතෙක් හිමිවී තිබුණු නමුත් දැන් එය වසර දහයක් දක්වා කල් දමා තිබේ. ශිෂ්‍ය වීසා මත එරටට ගොස් සිටින සිසුන්ට මාසිකව ගෙවන උපකාරක සේවා ගාස්තුවෙන් මෙතෙක් කිසිදු බද්දක් අය කළේ නැත. එහෙත් අගමැතිවරයාගේ නව යෝජනාව අනුව එලෙස ශිෂ්‍යයන්ට ගෙවන උපකාරක සේවා ගාස්තුවෙන් 6% ක් නැවත බද්දක් ලෙස අය කිරීමට තීන්දු කර තිබේ. එසේම බ්‍රිතාන්‍යයේ සත්කාරක සේවා අංශයේ පුරප්පාඩු 1,31,000 ක් පැවතියද එම අංශයට ද රටවල් ගණනාවකින් සේවකයන් බඳවා ගැනීම අධෛර්යට ලක් කර තිබේ.
සාමාන්‍යයෙන් සත්කාරක සේවකයෙක් වසරකට පවුම් 20,000 ක පමණ වැටුපක් ලබයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන ආකාරයට ශ්‍රී ලාංකිකයන් 4427 දෙනෙක් එම කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගෙන දැනට එරට සේවය කරති.
අග්‍රාමාත්‍ය ස්ටාමර්ගේ නව වීසා නීතිය මෙම මැයි මස 12 දා ධවල පත්‍රිකාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.