2025 මැයි 10 වන සෙනසුරාදා

විදුලිය ගාස්තුව සියයට 33 කින් ඉහළට?

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 91

ව්‍යාපාරික වාර්තාකරු I

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි විදුලිය ගාස්තුව ඉහළ දැමීමට අදාළ වන යෝජනාව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලබන සතිය තුළ යැවෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

මෙම යෝජනාව අනුව දැනට අයකරන විදුලි ගාස්තුව සියයට 33 කින් හෝ ඊට වැඩි ගණනකින් ඉහළ දැමීමට යෝජනා කෙරෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සපයන ණය මුදලේ මීළඟ වාරිකය නිදහස් කිරීමට නම් විදුලිය නිෂ්පාදනයේ පිරිවැය ආවරණය වන ගාස්තුවක් පාරිභෝගික ජනතාවගෙන් අය කළ යුතු බව මෙයට පෙර මූල්‍ය අරමුදල නිර්දේශ කළේය. එය ඉටුකිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 344 කින් යුත් ණය වාරිකය නිදහස් කිරීම ද පමා වී තිබේ.

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00