2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා

දේශබන්දු චෝදනා කමිටුව රැස්වෙයි

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 29

දේශපාලන වාර්තාකරු I 

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විමර්ශන කමිටුව පසුගිය බදාදා සහ සිකුරාදා යන දිනයන්හිදී රැස්වී තිබේ.

එහිදී සාකච්ඡා වී ඇත්තේ අදාළ පරීක්ෂණය සිදුකළ යුතු ක්‍රමවේදය සැලසුම් කිරීමයි. ඉන් අනතුරුව ඉදිරි දින කිහිපයේදී මෙම කමිටුව රැස්වී විමර්ශන සිදුකිරීමට නියමිතව ඇත.

මෙම කමිටුවේ සභාපතිත්වය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් දරණ අතර අනෙකුත් සාමාජිකයන් වන්නේ ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති නීල් ඉද්දවෙල යන මහත්වරුන්ය.