2025 මාර්තු 29 වන සෙනසුරාදා

දේශබන්දුගේ ජරමරයට හිටපු ඇමැති සඳුදා සී.අයි.ඩියට

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:01 328

• ගයාන් ගාල්ලගේ

වැලිගම ඩබ්ලිව් 15 වෙඩි තැබීමේ සිද්ධියට අදාළ තොරතුරු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් ලබන සඳුදා (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

දැනට මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් අතර දේශබන්දු තෙන්නකෝන් මහතා හැර සෙසු සැකකරුවන්ට ඇප ලබා දී තිබිණි.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා තොරතුරු දන්නා බවට ඇතිවූ සැකය මත මෙලෙස ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00