2025 මාර්තු 08 වන සෙනසුරාදා

රිළා සංගණනයට පෙරහුරුවක්

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 75

විශේෂ වාර්තාකරුවකු විසිනි I

රිළා වඳුරු සංගණනයට අදාළව විශේෂ පෙරහුරුවක් පසුගියදා ඉංගිරිය ප්‍රදේශයේ ගම්මානයකදී සිදු කෙරිණි. මෙම සත්ත්ව සංගණනයෙන් අනතුරුව වන සතුන් බහුලව ගැවසෙන ප්‍රදේශ සිතියම්ගත කර ප්‍රකාශයට පත්කෙරෙන බවද කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන රිළා වඳුරු සංගණනය මෙම මාර්තු මස 15 දා උදෑසන 8.00ත් 8.05ත් අතර පැවැත්වීමට තීන්දු කර තිබේ.

එදින මේ වෙලාවට තම නිවෙසට, පාසලට, රෝහල් භූමියට, ගොවි බිමට හෝ සිද්ධස්ථානයට පැමිණෙන වඳුරන්, රිළවුන්, මොනරුන් හා දඬුලේනුන් ගණන් කර ඊට අදාළ දත්ත වනජීවී නිලධාරීන්ට දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් දිස්නා රණසිංහ මහත්මිය දන්වා ඇත.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00