2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා

ශ්‍රී ලාංකිකයන් 3064 ක් අමෙරිකාවෙන් පන්නයි!

 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 182

ඇමෙරිකා එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) හා ඉවත් කිරීමේ මෙහෙයුම් (ERO) යටතේ 2024 නොවැම්බර් 24 වනවිට එරටින් පිටුවහල් කිරීමේ නියෝග ලැබූ ශ්‍රී ලංකිකයන් සංඛ්‍යාව 3064 ක් බව එම ආයතනය නිකුත් කළ ලැයිස්තුවේ දැක්වේ. ලෝකයේ  රටවල් 208 ක එක්සත් ජනපද පුරවැසියන් නොවන පුද්ගලයන් 1,445,549 ක් එම නියෝගය ලැබ සිටිති. මෙසේ පිටුවහල් කිරීමට ප්‍රධාන හේතුව වන්නේ එක්සත් ජනපද සංක්‍රමණික නීති උල්ලංඝනය කිරීමය.

මෙම ලැයිස්තුවේ පිටුවහල් කිරීමට යෝජිත වැඩිම පිරිසක් සිටින්නේ හොන්ඩුරාස් රාජ්‍යයේ වන අතර එම සංඛ්‍යාව 261651 ක් වන අතර අසල්වැසි ඉන්දියානු ජාතිකයෝ 17940 ක්ද එම ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.

එක්සත් ජනපද නීති සංග්‍රහයේ 8 වැනි කොටස යටතේ, ICEය විසින් සංක්‍රමණ විනිශ්චයකරුවකු විසින් නිකුත් කරන ලද ඉවත් කිරීමේ අවසන් නියෝගවලට අනුකූලව පුරවැසියන් නොවන අය රටින් පිටුවහල් කිරීමේ හැකියාව පවතී. කෙසේ වුවත් පුරවැසියන් නොවන අයට සරණාගතභාවය අයැදුම් කිරීමට හෝ වධහිංසාවට එරෙහි සම්මුතිය යටතේ සහන ලබාගැනීමේ අවස්ථාවද පවතින බව ICEය සඳහන් කර සිටී.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00