2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා

ක්‍රෙඩිට් කාඩ්වල ගිනි පොලිය: මහ බැංකුව මුදල් අමාත්‍යංශය නිහඬයි!

 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 119

ව්‍යාපාරික වාර්තාකරු I

මේ වනවිට 28% කටත් වඩා ඉහළ පොලී අනුපාතයක් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වාණිජ බැංකු විසින් අය කරද්දී ඒ ගැන ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යංශය නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටීම නිසා 19 ලක්ෂයකට වැඩි ක්‍රෙඩිට් කාඩ්පත් හිමියෝ දැඩි පීඩාවට පත්ව සිටිති.

පසුගිය සතියේ මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8% ක් මට්ටමේ පවත්වා ගැනීමට තීන්දු කළේය. සෙසු බැංකු හා මූල්‍ය ආයතන ඇතැම්විට බැංකු තැන්පතු සඳහා ගෙවන්නේ 6% - 7% තරම් අඩු පොලී අනුපාතයකි. එසේ තිබියදී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 28% කටත් වඩා ඉහළ පොලී අනුපාතිකයක් අය කරන්නට අවසර දීමෙන් ආණ්ඩුවේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළටද ජනතා සහය අහිමිවන බව පාරිභෝගික සංවිධාන පවසති.