2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

කැබිනට් එකට මුස්ලිම් ඇමැතිවරයෙක්

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 270

දේශපාලන වාර්තාකරු I

වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරයා ලෙස ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සහ සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් මහතා ඉදිරියේදී පත් කෙරෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඔහු දැනට දරන සමාජ ඒකාබද්ධතා විෂය භාර කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වීමට ඉඩ ඇති බවද සඳහන්ය. මෙතෙක් වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අමාත්‍යවරයකු සිටියේ නැත. එම අඩුව පුරවාලීම නව පත්වීමේ අරමුණ බව වාර්තා වෙයි.

 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00