2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා

විදේශ සේවාවේ පුටු තුනෙන් එකක් හිස්!

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 230

මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ පුරප්පාඩුව පවත්නා බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. අප වෙත ලැබී තිබෙන තොරතුරු අනුව විදේශ සේවාවේ අනුමත නිත්‍ය කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 275 කි. එයින් දැනට සේවාවේ සිටින්නේ 174 දෙනකු පමණි. ඒ අනුව අනුමත සේවක සංඛ්‍යාවෙන් 101 දෙනකු පත්කර නැත. එම තනතුරු කාලයක් තිස්සේ පුරප්පාඩුව පවතී.

එහෙත් පසුගියදා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතිව විදේශ සේවයට නව සේවකයන් 40 දෙනකු බඳවා ගැනීමට පරීක්ෂණයක් පවත්වා තෝරාගත් නමුත් එයින් බඳවා ගත්තේ 20 දෙනකු පමණි. විදේශ සේවාවේ මෙතරම් පුරප්පාඩු පවතිද්දීත් ඉතිරි 20 දෙනා බඳවා නොගැනීම නිසා දැන් ඔවුන් ඊට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබේ.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01