යෝජිත පළාත් පාලන මැතිවරණය කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න ගැන ප්‍රධාන දේශපාලන පක්ෂ අතර හටගෙන ඇති බරපතළ මත ගැටුමක් නිසා මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි දේශයට වාර්තා වේ.
පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ පක්ෂ නායක රුස්වීමකදී ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ සංධානයත්, මුස්ලිම් කොංග්‍රසයත් ඇතුළු සුළු පක්ෂ ගණනාවක් යෝජිත මිශ්‍ර මැතිවරණයට විරෝධතා මතුකර ඇත. එම මැතිවරණ ක්‍රමය හරහා ඔවුන්ට අසාධාරණයක් වන බවද දන්වා තිබේ. ඒ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයද සුළු පක්ෂ වෙනුවෙන් පෙනී සිටිමින් පවසා ඇත්තේ මේ හරහා ඔවුන්ට අසාධාරණයක් සිදුවන බවය. ඒ නිසා සුපුරුදු මනාප ක්‍රමය හොඳ යැයි ඔවුන් දන්වා ඇත.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය විරෝධය එල්ල කරමින් පවසා ඇත්තේ යෝජිත මිශ්‍ර ක්‍රමය සාර්ථක බවය. එහි අඩුපාඩු ඇත්නම් ඒවා සැකසිය හැකි බවත් පෙන්වා දී තිබේ. ඊට එකළ වෙමින් ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දී ඇත්තේ නියත වශයෙන් පළාත් පාලන මැතිවරණය මිශ්‍ර ක්‍රමය හරහා පැවැත්විය යුතු බව කියාය.
කෙසේ වෙතත් සුළු ජාතික පක්ෂත්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ සිය ස්ථාවරයන් ඉදිරියේදී සාකච්ඡා කොට දැනුම් දෙන බවද දන්වා තිබේ.්
ගයාන් ගාල්ලගේ I