2017 ජුනි 24 වන සෙනසුරාදා

ශ්‍රීලන්කන් සේවකයෝ 780ක් ඉවතට

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60


අධික මූල්‍යමය පාඩුවක් පිට පවත්වාගෙන යන ශ්‍රීලන්කන් එයාර් ආයතනය ගොඩගැනීම සඳහා දැනට සිටින අතිරික්ත සේවකයන් 780ක් අනිවාර්ය විශ්‍රාම ක්‍රමය ඔස්සේ ඉවත්කළ යුතු බව පාලනාධිකාරිය රජයට යෝජනා කර ඇතැයි වාර්තාවෙයි.

එසේම ශ්‍රීලන්කන් ගුවන් යානාවලට සැපයෙන ඉන්ධන සඳහා අයකෙරෙන ගාස්තුව ලීටරයකට ඩොලර් ශත 15කින් අඩුකළහොත් පවතින පාඩුව ඉතා ඉක්මණින් පියවාගත හැකිවෙතැයිද යෝජනා කර තිබේ. ලොව සෙසු ගුවන් සේවා වාර්ෂිකව ලබන පාඩුවට සාපේක්ෂව ශ්‍රිලන්කන්හි පාඩුව අඩු යැයිද පාලනාධිකාරිය රජයට සැපයූ විශේෂ වාර්තාවක සඳහන්ය. දැනට එමිරේට්ස් සමාගමේ වාර්ෂික පාඩුව 9.4%කි. කැතේ පැසිපික් ගුවන් සමාගමේ පාඩුව 12%කි. කටාර් ගුවන් සේවය 9.8%ක් පාඩු ලබයි. ශ්‍රීලන්කන් වාර්ෂික පාඩුව 4.7%කි. මේ නිසා සාධනීය පියවර ගෙන ශ්‍රීලන්කන් අනාගතය ලාභදායී තත්ත්වයට පත්කළ හැකි බව මෙම යෝජනාව මගින් රජයට පෙන්වා දී තිබේ.

I සංජීවිකා සමරතුංග