2017 ජුනි 24 වන සෙනසුරාදා

පළාත් ඡන්දය කල් දාන්න නම් ජනමත විමසුමක් - මැ.කො.

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42


ඔක්තෝබර් මාසයෙන් අවසන් වන පළාත් සභා ආයතන තුනෙහි මැතිවරණය කල් තබනවා නම් ව්‍යවස්ථා සංශෝධනයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට පැවසීය.

සැප්තැම්බර් මස අවසානයේදී සහ ඔක්තෝබර් මාසයේ මුල් සතියේදී නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව යන පළාත් සභාවල ධුර කාලය නිමවීමට නියමිතව ඇත. එසේ නිමවූ පසුව එම පළාත් සභා තුනෙහි ඡන්දය නියත වශයෙන්ම තැබිය යුතු බවත් එසේ නොතබන්නේ නම් ඉහත වෙනස්කම් සිදුකළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් පළාත් පාලන, පළාත් සභා යන සියලු ඡන්ද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන 27 වනදා මැතිවරණ කොමිසම වෙත සියලු පක්ෂවල නියෝජිතයන් කැඳවා ඇති බව දේශප්‍රිය මහතා පැවසීය.

I ගයාන් ගාල්ලගේ