2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

අලුත් ආණ්ඩුව IMF නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයි - BBC

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 167

දේශපාලන වාර්තාකරු I

මේ වනවිට රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 11% ක මට්ටමේ පවත්නා රාජ්‍ය බදු ආදායම 15% ක් දක්වා තවත් 4% කින් වැඩි කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙයට පෙර කර තිබූ නිර්දේශය ක්‍රියාත්මක කිරීමේ වගකීම වත්මන් රජයට පැවරී ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBCය) විශේෂ වාර්තාවක් පළ කරමින් පෙන්වා දී තිබේ.

පසුගිය වසරේ පැවති ආණ්ඩුව විසින් බදු අනුපාත ඉහළ දැමීමෙන් පසුව උපයන විට ගෙවීමේ බද්දෙන් ලද ආදායම (2023 දී) රුපියල් බිලියන 144 කි. එහෙත් රජය එම බද්දෙන් ලබා ගැනීමට අපේක්ෂා කළේ රුපියල් බිලියන 100 ක ආදායමකි. රුපියල් බිලියන 44 ක් වැඩිපුර එම බද්ද මගින් 2023 දී රජය උපයා තිබුණු බවද එම වාර්තාව කියයි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01