2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

පළාත් පාලන ඡන්දය මහ ඡන්දය හමාර වූ සැණින්!

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 116

දේශපාලන වාර්තාකරු I

මේ වනවිට කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය, මහ මැතිවරණය හමාර වූ සැණින් පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දේශයට පැවසීය. කල් දමන ලද පළාත් පාලන ඡන්දය සෙසු මැතිවරණවලට බාධාවක් නොවන පරිදි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාවට මෙයට පෙර නියෝග කර තිබිණි. එම නියෝගයට ගරු කරමින් මහ මැතිවරණ ක්‍රියාවලිය හමාර වූ සැණින් පළාත් පාලන ඡන්දය පැවැත්වෙන බවත් සඳහන්ය. යෙදී ඇති දින වකවානු අනුව පළාත් පාලන ඡන්දය ලබන වසර මුල් භාගයේ දී පැවැත්වීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01