2024 අගෝස්තු 30 වන සිකුරාදා

තැපැල් ඡන්දය 5 – 6 – 11 සහ 12 දිනවල

 2024 අගෝස්තු 30 වන සිකුරාදා, ප.ව. 02:03 71

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සැප්තැම්බර් 5 සහ 6 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය. එදිනට ඡන්දය ප්‍රකාශ කළ නොහැකි රාජ්‍ය සේවකයන් සඳහා සැප්තැම්බර් 11 සහ 12 යන අතිරේක දින දෙක ලබා දී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

ඍජුව මැතිවරණයට සම්බන්ධ ආයතන වන දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පොලිස් දෙපාර්තමේන්තුව සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සඳහා සැප්තැම්බර් මස 4 දින තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා තිබේ.
මධ්‍යස්ථාන 25ක දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවකාශ සැලසෙන අතර ඒ සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 712,321 කි. තැපැල් ඡන්දය සඳහා නිලධාරින් 8000 ක් පමණ කාර්ය මණ්ඩලය ලෙස යොදා ගැනීමට නියමිතය.

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00