2024 ජුනි 29 වන සෙනසුරාදා

දේශය සම්මානයෙන් පිදුම් ලබයි

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 85

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා ව්‍යවසායකත්ව සංස්කෘතියක් නිර්මාණයට දායක වූ මාධ්‍යවලට සම්මාන ප්‍රදානය පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුවිය. එහිදී පැවැත්වුණු ''ග්‍රීන් ඉස්ඩස්ට්‍රි එවෝඩ්ස් 2024'' නමින් නම්කර තිබූ එම සම්මාන උළෙලේ දී මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් ''දේශය'' පුවත්පත රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් එම සම්මානය ප්‍රදානය කළ අතර දේශය පුවත්පතේ ''සල්ලි හොයමු'' පිටුවේ සංස්කාරක චමිඳු නිසල් ද සිල්වා සහ ප්‍රධාන ඡායාරෑප ශිල්පී සුමුදු හේවාපතිරණ යන මහත්වරුන් එම සම්මානය භාරගත් අවස්ථාව.

මෙවර සම්මාන උළෙලේ සෙසු ආරාධිතයන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, ජනපති ලේකම් සමන් ඒකනායක කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල සභාපති සාරංග අලහප්පෙරුම යන මහත්වරු ද වූහ.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01