2024 මැයි 25 වන සෙනසුරාදා

තිස්ස - ෆොන්සේකා සාකච්ඡා බිඳ වැටෙයි

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 54

දේශපාලන වාර්තාකරු I

තමන්ට ජනාධිපති ධූර අපේක්ෂකත්වය ඉල්ලා සිටීම හේතුවෙන් ස.ජ.බ සභාපති සරත් ෆොන්සේකා සහ තිස්ස අත්තනායක මහත්වරුන් අතර පැවති සමගි සන්ධාන සාකච්ඡාව බිඳවැටී ඇතැයි දේශයට වාර්තා වෙයි.

සමගි ජන බලවේගයේ සභාපති ධූරය දරන ෆොන්සේකා මහතා පසුගියදා සිය පක්ෂය සමඟ බරපතළ දේශපාලන අර්බුදයක පැටළුණි. එම අර්බුදය සමථයකට පත්කර ගැනීම සඳහා ස.ජ.බ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාට සරත් ෆොන්සේකා සමඟ සාකච්ඡා කරන ලෙස පක්ෂය විසින් බලය පවරා තිබිණි. ඒ අනුව තිස්ස අත්තනායක මහතා සරත් ෆොන්සේකා අතර හමුවක් සිදුවිය. එහෙත් ෆොන්සේකා මහතා සිය පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය ඉල්ලා සිටීම නිසා සාකච්ඡාව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00