2024 මැයි 04 වන සෙනසුරාදා

විදුලි බිල අඩු කරන යෝජනාව කොමිසමට

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:02 84

I ගයාන් ගාල්ලගේ

විදුලි බිල ජනතාවට දැනෙන ප්‍රමාණයකින් අඩු කිරීම සඳහා අවශ්‍ය යෝජනාව දැනටමත් මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසීය.

අදාළ යෝජනාවට ඔවුන් එකඟ වීමෙන් පසුව ජනතාවට විදුලි සහනය ලබා දෙන බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් දැනට එම සහනයේ ප්‍රමාණය කිව නොහැකි බවත් ඇතැම්විට ඊට වඩා වැඩි විය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00