2024 මැයි 04 වන සෙනසුරාදා

මැතිසබය විසුරුවන්නැයි පොහොට්ටුවෙන් ඉල්ලීමක්!

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:03 293

දේශපාලන වාර්තාකරු I

මැතිසබය විසුරුවා මහ මැතිවරණයක් තබන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත වරක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇතැයි පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙයට පෙරද පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබිණි.

යම් හෙයකින් හදිසි මහ මැතිවරණයක් පැමිණියහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) තරග කරන්නේ කෙලෙසදැයි දේශය එහි මහ ලේකම් සාගර කාරියවසම් මහතාගෙන් විමසීය. එහිදී ඔහු සඳහන් කළේ තම පක්ෂය සියලුම මැතිවරණ සඳහා වෙනත් කිසිදු ලකුණකින් තරග නොකරන අතර සිය පක්ෂය පොහොට්ටුව ලකුණින් පමණක් තරග කරන බවය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01