2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

පාස්කු ප්‍රහාරය එ.ජා. මානව හිමිකම් කවුන්සිලයට

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 30

දේශපාලන වාර්තාකරු I

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් කරන ලෙස එ.ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගෙන එන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් බ්‍රිතාන්‍ය ගුවන්විදුලියට (B.B.C යට) ප්‍රකාශ කර තිබේ.

මේ සඳහා දැනටමත් විදේශ රටවල් හා සංවිධාන ගණනාවක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද උන්වහන්සේ ප්‍රකාශ කර ඇත.

පාස්කු ප්‍රහාරයට මේ වනවිට වසර 5ක් ගතවී ඇතත් පැවති කිසිම රජයක් විසින් ඊට වගකිවයුත්තන් හඳුනාගෙන නීතිය අනුව ක්‍රියා නොකිරීම නිසා මෙම තීරණය ගත් බව අගරදගුරු හිමිපාණන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01