2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

අබිං නිලධාරීහු පත් කෙරෙති!

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:02 81

දේශපාලන වාර්තාකරු I

ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ අබිං නිලධාරින් පත් කිරීමටත් අබිං මණ්ඩලයක් පිහිටුවීමටත් අබිං ආනයනයටත් අවසර ලබා දෙන රෙගුලාසි මැතිසබය විසින් සම්මත කර ඇත එසේම බලපත්‍ර සහිතව කංසා වගාවට අවසර ලැබන නියෝග ද අනුමත කර තිබේ. ආයුර්වේද වෛද්‍ය කටයුතු සඳහා අබිං සහ කංසා යොදාගැනෙන අතර කංසා අපනයනයටද මෙම රෙගුලාසි මගින් අවසර ලබා දී තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආයුර්වේද සංග්‍රහය නැමති රෙගුලාසි මාලාව අනුව කංසා සහ අබිං ඇතුළු තවත් ද්‍රව්‍ය ගණනාවක් සම්බන්ධ කටයුතු නියාමනයට හා පාලනයට අවශ්‍ය විධිවිධාන පනවා ඇත.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01