2024 මාර්තු 30 වන සෙනසුරාදා

තිරුපති කෝවිලේ ශාඛාවක් ලංකාවේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04 195

දේශපාලන වාර්තාකරු I

ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ ශාඛාවක් මෙරට ඉදිකිරීම ගැන සොයා බැලීමට තිරුපති දේවාලයේ ප්‍රධාන විධායක නිලධාරී ධර්ම රෙඩ්ඩි මහතා පසුගිය සිකුරාදා (29දා) මෙරටට පැමිණීමට නියමිතව තිබිණි. ඉන්දියාවේ වෙන්කටේෂ්වර සාමි කෝවිල් පද්ධතියට අයත් තිරුපති කෝවිලේ ශාඛාවක් ශ්‍රී ලංකාවේද පිහිටුවන මෙන් තිරුපති බැතිමතුන් විශාල පිරිසක් ඉන්දියාවේ තිරුපති කෝවිල් භාරයෙන් ඉල්ලීම් කර තිබිණි.

දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට අයත් කඳුකර නගරයක් වන තිරුමාලාවේ තිරුපති කෝවිල පිහිටා ඇත. වසරකට කෝටි සංඛ්‍යාත බැතිමතුන් තිරුපති වන්දනාව සඳහා එහි පැමිණෙති.

පසුගියදා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙහි නිල සංචාරයක යෙදුණු නැගෙනහිර ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා විසින් ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමැති ජගත් මෝහන් රෙඩ්ඩි හමුවූ අවස්ථාවේ මෙරට තිරුපති කෝවිලක් ඉදිකරන ලෙස ඉල්ලීමක්ද කර තිබිණි.